පසුගිය ජනවාරි 03 වැනිදා ඉරාකයේ බැග්බෑඩ් ගුවන්තොටුපොළේදී ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරණයට පත් ඉරානයේ ප්‍රමුඛ පෙළ හමුදා නායක
ජෙනරාල් කාසෙම් සුලේයිමානිගේ දේහය මිහිදන් කිරීමේ අවස්ථාවට ඊයේ (7) පැමිණි ජනයා අතර ඇති වූ තෙරපීමකින් 56දෙනෙකු මරණයට පත්ව ඇතැයි වාර්තාවේ.වෛද්‍ය නිලධාරියෙකු කියා සිටියේ තෙරපීමට හසුව දෙසීයකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.
ජෙනරාල්වරයාගේ භූමදාන කටයුතු සිදු

කෙරුනේ ඔහුගේ උපන් ගම වූ මධ්‍යම ඉරානයේ පිහිටි කෙයිර්මාන් නගරයේදීයි. අවමංගල්‍ය පෙරහැර සඳහා දස ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක් රැස්වෙමින් සිටි බව ඇස්තමේන්තු කර තිබෙනවා.
මෙම මරණ වාර්තාවීම නිසා අවසන් භූමිදාන කටයුතු ඊයේ සිදු නොකළ අතර එය වෙනත් දිනකට කල්දමා ඇත. තවම ඒ ගැන නිවේදනය කර නැත,
1989 හිටපු ඉරාන නායක අයතුල්ලා කමේනිගේ මරණය සිදුවීමෙන් පසු අවමංගල්‍ය උත්සවය අතරතුර මේ ආකාරයට පුද්ගල තෙරපීම් නිසා 8 දෙනෙකු මියගිය බවටද මින් ඉහත වාර්තා පළව තිබුණි.