ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ.

නව මහ බැංකු
අධිපතිවරයා ඊයේ (24) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය භාර ගත්තේය. 1994 සිට 1999 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය හෙබවූ ඔහු ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙකි. අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටු කළ සේවය වෙනුවෙන් මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා 2005 වසරේ දී දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. මහචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයායි.