එළැඹෙන ජනවාරි මස 01දා සිට ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 10කින් අඩු කිරීමට ලංකා ස්වයං
රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය තීරණය කර ඇත.

වත්මන් ජනාධිපතිවරයා
බලයට පත්වීමෙන් පසුව ලබාදුන් බදු සහන යටතේ ත්‍රිරෝද රථ අමතර කොටස් මිල
ශීඝ්‍ර ලෙස පහත වැටීම නිසා එහි සහනය මගී ජනතාවට ලබාදීමේ අරමුණින් මේ තීරණය ගත් බව එම
සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන පැවැසීය.

ත්‍රිරෝද රථ වෘත්තිකයන් බොහෝමයක් පළමු කිලෝමීටරය සඳහා රුපියල් 60ක් සහ දෙවැනි කිලෝමීටරය
සඳහා රුපියල් 45ක් අය කරන අතර ඒ අනුව රුපියල් 60ක මුදල රුපියල් 50 දක්වා අඩු කිරීමට පියවර ගත්
බවත් දෙවැනි කිලෝමීටරයට අය කරන රුපියල් 45ක ගාස්තුවද රුපියල් 40 දක්වා අඩු කරන ලෙස ත්‍රිරෝද
රථ වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවැසුවේය.

යම් හෙයකින් ත්‍රිරෝද රථ වෘත්තිකයන් මෙම අඩු කිරීම් සිදු නොකළහොත් වහාම ත්‍රිරෝද රථ ගාස්තු
සඳහා මිල නියාමනයක් ගෙනෙන ලෙසට ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.