අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නාඩු සහල්වලට සහ සම්බා සහල්වලට පාලන මිලක් නියම කර තිබියදී ජනාධිපති ලේකම්වරයා එම නියෝග කඩකර සහල්වලට මිලක් නියම කර තිබෙන බව පාරීභෝගික අයිතීන්
සුරකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.  මේ වසරේ මැයි 31 වැනිදා නිකුත් කළ2155/66 අතිවීශේෂ ගැසට් නිවේදනයට අනුව සම්බා සහල් කිලෝවක් රුපියල් අසූපහකට අලෙවි කළ යුතු බවත්, නාඩු සහල් කිලෝවක් රුපියල් අසූවකට අලුවි කළ යුතු බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.

මෙම ගැසට් නිවේදනය මෙත‍ෙක් සංශෝධනය කර නොමැති බවත්, එසේ තිබියදී පෙරේදා (10දා)ජනාධිපති ලේකම්වරයා මහා පරිමාණ මෝල් හිමියන් සමග සාකච්ඡා කර නාඩු සහල් කිලෝවක උපරීම සිල්ලර මිල රුපියල් අනූඅටක් බවට හා සම්බා සහල් කිලෝවක් රුපියල් අනුනවයක් බවට පත්කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය,
ගෙවී ගිය කාලය තුළ මහා පරීමාණ මෝල් හිමියන් ගොවියාගේ අස්වැන්න රුපියල් තිහත්, තිස්දෙකත් අතර මුදලකට මිලදීගත් බවත්, එම වී තොග ගබඩා කර ගනිමින් ක‍ෘතිමව සහල් හිඟයක් ඇති කර සහල් මිල ඉහළ දමා තිබෙන බවත් සභාපතිවරයා පැවසීය.
මැතිවරණ දිනය වනතෙක් නාඩු සහල් කිලෝවක් රුපියල් අසූවකටත් සම්බා සහල් කිලෝවක් රුපියල් අසූපහකට අලෙවි කළ බවත්, එහ‍ෙත් මැතිවරණය අවසන් වී දින දෙක තුනකට පසු සහල් කිලෝවක මිල රුපියල් සියය ඉක්මවා ගිය අතර, ප්‍රථමයෙන් මේ පීළිබඳ පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එසේ නොමැතිව සහල් මිල ඉහළ දැමීම තුළින් උත්සව සමයේදී හා නව වසර උදාවෙද්දී ජනතාවට අතයවශ්‍ය ද්‍රව්‍යයන් වන සහල් මිල ඉහළ දැමීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවද විතානගේ මහතා සඳහන් කළේය.
  - ඉන්දික හේවාවිතාරණ-