සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් නියම කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ගොනු කළ
අයදමුපතේ හේතු පැහැදිලි
නොවීම මත ඊයේ උදෑසන අධිකරනයේදී ප්‍රතික්ෂේප වූ අතර එම හේතු සකසා නැවත ඊයේ (20) සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔහු යළිත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර තිබේ.

හිටපු ඇමතිවරයා එම ඇප අයදුම්පත මගින් සඳහන් කර සිටින්නේ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කළ ප්‍රකාශ මත තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි.
එම ප්‍රකාශ දෙක ඒ ඒ අයගේ ප්‍රකාශ මිස තමන්ගේ සම්බන්ධයක් නැති බවත් මාධ්‍ය සාකච්ඡාව සංවිධානය පමණක්ය කළේ තමන් බවයි.
දේශපාලන පළිගැනීමක් වශයෙන් මෙය සිදු කිරීමට සූදානම් වන බවත් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ව අපේක්ෂිත ඇපයක් මත මුදා කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියි.