මාලදිවයින තුළ  ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම් සඳහා කටයුතු යොදන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සොලින් වෙත පවසා ඇතැයි වාර්තතා වෙයි. දෙදෙනා අතර පැවැත්වුණු වීඩියෝ සංවාදයක් අතරතුරදී ඉන්දීය අගමැතිවරයා මෙම පොරොන්දුව ලබා දී තිබේ. මීට අමතරව පිළිකා රෝහලක් ඉදිකිරීම සදහා කටයුතු යොදන බව අගමැති මෝදි මෙහිදී පවසා ඇත.

"මාලදිවයින තුළ

ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය වෙනුවෙන් ඉන්දියාව කැපවෙනවා, ඒ වගේම ඉන්දියානු සාගර කලාපයේ සාමය සහ අනන්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය අපගේ සහයෝගිතාව වර්ධනයටත් අපි කැපවෙනවා." මෝදි මෙහිදී පවසා ඇත.මීට පෙරදී ඉන්දීය අගමැතිවරයා මාලදිවයිනේ ජාතික වෙරළාරක්ෂක බළඇණිය වෙත නිරීක්ෂණ යත්‍රාවක්ද පිරිනමා තිබුණි. මෙය සිය සාගරීක දේශසීමාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලැබුණු වටිනා තෑග්ගක් බවටද මාලදිවයින් ජනපතිවරයා එවර සදහන් කළේය. ඉන්දියාවේ සංචාරය කළ මාලදිවයින් ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව මෙම යාත්‍රාව ලැබී තිබුණ.

මේ අතර, ඉන්දියාව මගින් ක්‍රියාත්මක කරන RuPay නම් ගෙවීම් කාඩ්පත් යාන්ත්‍රණය වෙත මාලදිවයිනද සම්බන්ධ කරගැනීමේ කටයුතු අගමැතිවරයා සහ ජනපතිවරයා අතර පැවැති මෙම වීඩියෝ සාකච්ඡාවේදී සිදුව තිබේ. දැනටමත් භූතානය, සිංගප්පුරුව, එක්සත් අරාබි එමීරය, බහරේනය සහ සෞදි අරාබිය මෙම යාන්ත්‍රණයට සම්බන්ධ වී සිටියි. මෙම ගෙවීම් කාඩ්පත හරහා මාලදිවයිනේ සංචාරය කරන ඉන්දියානුවන්ට භාණ්ඩ මිලදී ගැනීමේදී පහසුකම් ගෙන දෙනු ඇති බව මෝදිගේ අදහස වී තිබේ.