ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ අද සන්ධ්‍යාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
එයට හේතුවී ඇත්තේ උපරිම සිල්ලර මිලක් නියම කළද වෙළෙද පොලේ සහල් මිල අධික වීමත් එම නියමය පිළිනොපැදීමත් අල්ලාගන්නටය.

එහිදී සියලූ සහල් අලෙවිසැල් වෙත ගොස් ජනාධිපතිවරයා මිල ගණන් අධ්‍යයනය කර ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ රජය ප්‍රකාශයට පත්කර ඇති සහතික මිල ඉක්මවා වැඩි මිලට සහල් අලෙවි කරන බවටයි.


මහා පරිමාණ වී මෝල් හිමියන් සමග සාකච්ඡාවකින් පසු සම්බා සහ නාඩු සහල් සඳහා උපරිම මිලක් නියම කළද, වෙළපළෙහි තවමත් සහල් අලෙවි වන්නේ ඊට වඩා වැඩි මිලකට බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
එහි වරද සුළු ව්‍යාපාරිකයින් මත ද එකවර පැවරිය නොහැකි බවත් ඊට ප්‍රායෝගික හේතු බලපා ඇති බවද දන්වා තිබුණි..
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළාසේම, එම මිලට වෙළඳපොලෙහි සහල් අලෙවි කරන බවට තහවුරු කිරීමට ද ආණ්ඩුව මැදිහත් විය යුතු බව ඔවුන් ප්‍රකාශ කර තිබුණි.
 වහාම රජය නිකුත් කර ඇති සහතික මිලට සහල් අලෙවි කරන ලෙස ජනාධිපතිවරයා අද සවස අදාළ අංශ වෙත උපදෙස් ලබාදීමට පියවර ගෙන තිබෙයි.