මැදමහනුවර - සදසිරිදුනුවිල මහා බෝධි විද්‍යාලයේ මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටි සිසුවියක්‌
පෙරේදා (19 දා) පෙරවරුවේ 7.30 ට පමණ උපකාරක පන්තියකට යමින් සිටියදී දියේ ගිලී මියගොස්‌ ඇත.

 මෙසේ මියගොස්‌ ඇත්තේ මැදමහනුවර මීරියගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අයි. එච්. විශ්මි ශ්‍රී වික්‍රමනායක නමැති 9 හැවිරිදි දැරියකි.

 නිවසට සැතපුම් භාගයක්‌ පමණ දුරින් පිහිටි දිය ඇළකින් එගොඩ වීමට යැමේදී දිය පහරකට අසුවීමෙන් මෙසේ අනතුරට පත්ව ඇත.

 ප්‍රදේශවාසීන්ගේ සහයෙන් මළ සිරුර සොයාගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ තෙල්දෙණිය පොලිසිය පවත්වයි.

උඩිස්‌පත්තුව - එස්‌. බණ්‌ඩාර