වෙළඳපොලේ මේ වන විටත් සහල් පොල් එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගොස් ඇත.සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 100 ඉක්මවා ඇති අතර පොල් ගෙඩියක මිල රුපියල් 50-60 ඉක්මවා තිබේ.

උඩරට එළවළු මිල 60% කින් පමණ ඉහළ ගොස් තිබෙන අතර පහතරට එළවළු මිල ද
බොහෝ සෙයින් ඉහල ගොස් තිබේ.

රතුළුෑණු කිලෝවක් රුපියල් 500 ඉක්මවා ඇති අතර ලොකුළුණු කිලෝවක් රුපියල් 200 ඉක්මවා ඇත.
නත්තල් සමය සහ පැවති දැඩි වර්ෂාපතනය හේතුවෙන් මෙම මිල ඉහළ ගොස් ඇති බව තොග වෙලදුන් කියා සිටිති.

සහල් මිල ඉහල ගොස් ඇත්තේ වෙලදුන් කිහිප දෙනෙකුගේ ඒකාධිකාරය හේතුවෙන් යයිද සදහන් වෙයි.