ප්‍රවාහන කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා නුගවෙල පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ කීවේය.



"පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සම්බන්ධ රිය අනතුරක් ආශ්‍රිතව සිදු කරන පරීක්ෂණවලින් සිදු කරන්නේ හානියට පත් තරුණයාට උපකාරයක් ලබා දීමටයි. නමුත් එතුමා සිතනවා ඇති එතුමා පිළිබඳ පරීක්ෂණ සිදුකරනවා ඇතිය කියා. පාඨලී චම්පික අමාත්‍යවරයාට එරෙහිව පළිගැනීමක් සිදු කරනවනම් පසුගිය සමයේදී ඔහු සිදුකළ බරපතළ ක්‍රියාවන් වාර්තා වී තිබෙනවා. රිය අනතුර හේතුවෙන් තුවාල ලත් තරුණයාගේ පියා සාධාරණ පරීක්ෂණයක්
කරන ලෙස නව රජයෙන් ඉල්ලා සිටි නිසයි, මෙම පරීක්ෂණය සිදු වන්නේ. ඒ පරීක්ෂණය වැරදිකරුවා හිටපු අමාත්‍යවරයා නොවෙයි නම් කවුරුවත් ඒ අමාත්‍යවරයා පිටුපස හඹා යාම සිදුවන්නේ නැහැ. එතුමාට බිය වීමට අවශ්‍ය වන්නේත් නැහැ.රට තුළ රිය අනතුරු විශාල ප්‍රමාණයක් වෙනවා. එවැනි අවස්ථාවක අමාත්‍යවරයකු අතින්ද රිය අනතුරක් වෙන්න පුළුවන්. නමුත් අනතුරෙන් තුවාල ලත් තරුණයාට සාධාරණයක් ඉෂ්ට නොවීම පිළිබඳව පරීක්ෂණය පැවැත්වීම සාධාරණයි.
 රාජිත සේනාරත්න, මංගල සමරවීර, චම්පික රණවක වැනි පුද්ගලයන් යළිත් ඉදිරියට ගෙන ආවොත් සජිත් ප්‍රේමදාස මහතාට යළිත් හිමිවන්නේ දෙවියන්ගේම පිහිටයි."