හය මාසයක කාලයක් තිස්සේ දුම්වැටී අල‍ෙවි නොකරන ව්‍යාපාරිකයන්ගෙන් ඕමල්පේ මහජන සෞඛය පරීක්‍ෂක කොට්ඨාසයේ ව්‍යාපාරිකයන් ඇගයිම පසුගිය (21 දා) දාපන් ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි.
ඕමල්පේ , දාපනේ, දොරපනේ,
කෝල්පකන්ද”. කැම්පනේ ", ගොඩවල සහ වලකඩ යන ග්‍රාම නිලධාරි වසම් හතේ ව්‍යාපාරිකයන් 84 දෙනෙක් සිටින අතර, ඔවුන් සියලු දෙනාම වසමට අලුතින් ආ මහජන සෞඛ්‍ය පරික්‍ෂක ඒ.ඒ.ඩී.එම්. ජයසිංහ මහතාගේ ඉල්ලීමට දුම්වැටි අලෙවිය මීට හය මාසයකට පෙරදී නවතා දැමීය.
දකුණු පළාතේ සිට සබරගමු පළාතට පිවිසෙන ඕමල්පේ කොට්ඨාස මායිමේ "ආයුබෝවන්, ඔබ මේ පිවිසෙන්නේ දුම්වැටිවලින් තොර කලාපයකටයි" යනුවෙන් සඳහන් නාමපුවරූවන්ද මේ දින නිරාවරණය කෙරුණි.  දුම්වැටි ත්‍රස්තවාදයට එරහිව දුම්වැටි දුමෙන් දරු, පරම්පරාවත් සමාජයත් ගලවාගෙන අවබෝධයෙන් සහ අවදානයෙන් යුතුව දුම්වැටි අලෙවියෙන් බැහැරව දුම්වැටිවලින් තොර සමාජයක් ලංකාවක් බිහිකිරීමට කරන මෙහෙවර අගය කරමින් සහතික පත්‍ර එම ව්‍යාපාරිකයන් වෙත පිරිනැමිණි.