වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින සංගීත රැල්ලෙන් ඔබ්බට ගිය වෙනස්ම ගීතයක් මේ දිනවල යූ ටියුබ් ඔස්සේ ලක්ෂයකට වැඩි නැරඹුම් සහිතව ජනප්‍රියවී තිබේ. ඒ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ප්‍රකට ව්‍යාපාරික චන්ද්‍රා දිසානායක ගායනා කරන  "නොහඬන් මගේ ළඳුනේ‘‘ නවතම ගීතයයි.

ශ්‍රී ලාංකිකයෙක් ලෙස ආඩම්බර විය හැකි සුභාවිත සංගීතයෙන් නිමවූ මේ ගීතය සංගීතවත් කළේ වර්තමාන තාරුණ්‍යයේ නිර්මාණ ශිල්පී අශාන් ප්‍රනාන්දු විසින්ය. පද රචනය කළේ  තාරුණ්‍යයේ ගී පද රචක ඩිලාන් ගමගේය.
චන්ද්‍රා දිසානායක මේ වන විට ගීත 6ක් පමණ ගායනා කර ඇති අතර ප්‍රවීණ ගායන ශිල්පිනියන් වන ශශිකා නිසංසලා සහ නිරෝෂා විරාජිනී සමග යුග ගායනා ඇතුළත් ගීත 2ක්ද ඊට ඇතුළත් වේ. එසේම ඔහු ගායනා කළ පළමු ගීතය මේ වන විට තුන්ලක්‍ෂ පනස් දහසකට වැඩි පිරිසක් යු ට්යුබ් ඔස්සේ නරඹා ඇත.