ඇමරිකාවේ ලාස්වේගාස් නුවරදී ලෝක විවාහක රූරැජිණි තරගය ජයගෙන අද ලංකාවට පැමිණි කැරොලයින් ජූරි මහත්මිය ඇය වෙනුවෙන් පැවති පිළිගැනීම් උත්සව අතරදී අද මෙම අදහස් ප්‍රකාශ කළාය.

'සතුටුවෙනවා.

ඇත්තටම මම අමාරුවෙන් කරපු දේ ජයගත්තා.ලංකාවෙන් මේ වගේ තරගයක් වෙනුවෙන් යන අයට උදව් ලැබෙනවා අඩුයි. මගේ පණිවිඩේ ඉදිරියේදී එහෙම වෙන්න දෙන්න එපා.
මට වීසා දෙපාරක් ලැබුනෙ නෑ. තුන්වන පාර තමයි අමාරුවෙන් හදාගත්තේ .මම තනිව මහන්සි වෙලා ගොඩාක් අමාරුවෙන් ඇමරිකාවට ගිහින් එන්න වීසා හදාගත්තේ. රෝසි සේනානායක මහත්මිය ඒ වෙනුවෙන් ලියුමක් දීලා උදව් කරා. තවත් මට උදව් කරපු අය සිටියා. ඒ සියල්ලටම ස්තූතියි. කතෝලික,බෞද්ධ,හින්දු,මුස්ලිම් කිසිම භේදයක් නොමැතිව මේ වගේ දේකට කවුරුත් උදව් කරන්න කියල මම ඉල්ලනවා. අන්තිමට රටට මේකින් කීර්තියක් අත්වෙන්නේ.