රථවාහන පොලිස් නිලධාරිවරයකුට බැණ තර්ජනය කර තාවකාලික රියැදුරු බලපත්‍ර පොත ඉරා දැමීමට තැත් කළේ යැයි පවරා තිබූ නඩුවකට වරදකරු වූ විත්තිකරුවකුට රුපියල් 1500ක දඩයක් සමග බරපතළ වැඩ
ඇතිව මාස 4ක සිරදඩුවමක්
රම්බඩගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න ජනක ප්‍රනාන්දු මහතා ඉකුත් 29 වැනිදා නියම කළේය. විත්තිකරුට නියම කළ සිරදඩුවම අවුරුදු 5කට  අත්හිටවූ මහේස්ත්‍රාත්වරයා අගතියට පත් පොලිස් තිලධාරීවරයාට රුපියල් 10,000ක වන්දි මුදලක් ගෙවන ලෙසත්, විවෘත අධිකරණීයේදී වැඳ සමාව  ගන්නා ලෙසත් නියෝග කළේය. මාවතගම පස්සැලිතැන්න පදිංචි අයකුට ඉහත දඬුවම් නියම විය.

පැමිණිල්ල මෙහෙය වූ පොලිස් සැරයන් හේන්මචන්ද්‍ර (30223) මහතා කරුණු දක්වමින් හුණුගල්කඩොල්ල හන්දියේදී යතුරුපැදියට වැරැදි ලෙස ඉස්සර කිරීමේ චෝදනාවට මෙම සැකකරුගේ රියැදුරු බලපත්‍රය පොලිසිය භාරයට ගත් බවත්, ඒ වෙනුවට තාවකාලික රියැදුරු බලපත්‍රයක් ලබාදදමේදී පොලිස් නිලධාරිවරයාට බැන තර්ජනය කර තාවකාලික රියැදුරු බලපත්‍ර පොත ඉරා දැමිමට තැත් කළ බවත් පැවැසීය.  අධිකරණයට ලැබුණු සාක්ෂිත්, පොලිස් පරික්ෂණ වාර්තාත්, පැමිණිල්ලෙන් අධිකරණයට දැක්වූ කරුණුත් සලකා බැලූ මහේස්ත්‍රාත් ප්‍රසන්න ජනක ප්‍රනාන්දු මහතා විත්තිකරුට ඉහත දඬුවම් නියම කර මෙවැනි වැරැදි කර නැවත අධිකරණයට පැමිණියහොත් උපරිම දඩුවම් ලබාදෙන බවට තරයේ අවවාද කළේය.