රට ඉදිරියට ගෙනයෑම සඳහා පත්වූ නව රජයට සියලූදෙනා එක්ව සහයෝගය දැක්විය යුතු බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.


 කොළඹ ඛෙත්තාරාම ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

 ”ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වෙලා දැන් සති තුනයි. ඒ මහතා විශිෂ්ට ජයක් ලබා ගත්තා. රටට නව නායකයෙක් ලැබුණාම ඒ අලූත් ආණ්ඩුවට සහ නායකයාට සියලූ දෙනාම සහයෝගය දෙන්න ඕනේ.

 මේ රටේ තිබෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය දුප්පත්කම. ඒ නිසා අලූත් රජයක් විදිහට රටේ දුප්පත්කම නැති කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න අලූත් රජයට සහ අලූත් ජනාධිපතිට සහයෝගය දක්වන්න ඕනේ.
ඉදිරි මහමැතිවරණෙදි 2/3 අරන් දෙන්න කටයුතු කරන්න ඕනෙ ”