එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වශයෙන් කටයුතු කළ සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී  ලංකාවේ
සංචාරය කළ අවස්ථාවේදී තුම්මුල්ල  මංසන්ධිය අවහිර කරමින් මහජනයාට පීඩාවක් ඇති කළේ යැයි හිටපු

අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනකුට එරෙහි නඩුව පැමිණිල්ලේ සාක්ෂිකරු පැමිණ
නොමැති හෙයින් ලබන පෙබරවාරි මස 17 වැනිදින විභාගයට ගැනීමට  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්
ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (04දා) නියෝග කළාය.

පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන කුරු¾දුවත්ත පොලිසියේ හිටපු ස්ථානාධිපති වර්තමාන පොලිස් නිල සුනඛ
කොට්ඨාසය මහනුවර, සහකාර පොලිස් අධිකාරි අනුර දෙල්ගහපිටිය මහතා ඊයේ දින තැපැල් ඡන්ද සලකුණු
කිරීමේ රාජකාරි සඳහා යොමු වී ඇති බැවින් නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන මෙන්
කුරු¾දුවත්ත පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන්  කුරුදුවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් විජිත් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ,  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක,
 ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය  ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභාවේ හිටපු
මන්ත්‍රිවරයකු වන රොජර් සෙනෙවිරත්න හා පියසිරි විජේනායක යන අය මෙම නඩුවේ සැකකරුවන් ලෙස
කුරුඳුවත්ත පොලිසිය විසින් නම් කර තිබිණි.          
ඊයේ දින මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින සියලු සැකකරුවන්
අධිකරණය හමුවේ පෙනී සිටියහ.

හංසි නානායක්කාර