පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යානුකුල කිරීමට පනතක් සමිමත කරන බව
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සිය වැඩ භාර ගැනීම වෙනුවෙන් පැවති උත්සවයේදී පවසා තිබේ.

වර්තමාන ආණ්ඩුව යටතේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යානුකුල කොට්ඨාසයක් බවට පත්කිරීමට පාර්ලිමේන්තුව තුළ පනතක් සමිමත කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය. ඒ මහතා මේ
බව පවසා සිටියේ ඊයේ (25දා දින අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නීත්‍යනුකූලභාවය ලැබුණු පසු රට වැසියාටත් මූල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි ඉදිරීපත් කිරීමට අවස්ථාව ලබාදෙන බවද හෙතෙම පවසා සිටියේය.පසුගිය ආණ්ඩු සමයේදී සිදු වූ මූල්‍ය වංචා පිළිබඳ විමර්ශනයක් සිදුකරන බවත්, එය දේශපානයෙන් තොරව සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.පසුගිය ආණ්ඩු සමයේදී සිදු වූ මූල්‍ය වංචා පිළිබඳ කොමිෂන් සභාවලින් අනාවරණය වී තිබෙන කරුණු හා කොමිෂන් සභාවලින් මෙතෙක් අනාවරණය වී නොමැති, එහෙත් මහජනතාව අතර කතාබහට ලක්ව තිබෙන වංචාවන් පිළිබඳ මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා විමර්ශන සිදුවන බවද ඒ මහතා පැවසීය.මෙම කටයුතු රටේ මහජන මුදල් ගසා කෑමේ කරුණු අනාවරණය කර ගැනීමට හා චූදිතයන් හඳුනාගැනීම වෙනුවෙන් සිදුවන බවත්,මීට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන බවත් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. එසේම මිනියම් වැසේජ් ගිවිසුම වර්තමාන ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක නොකිර්මට තීරණය කර තිබෙන බවත්, එම නිසා එම ප්‍රශ්නය ජයගෙන තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ