අද (16 දා) උදේ වරුවේ පෞද්ගලික බස්‌ රථ ඇති තරම් වැඩ කරනවා. නමුත් හවස්‌ වරුවේ බස්‌ රථ ධාවනය අඩාල වෙනවා. මොකද පෞද්ගලික බස්‌ රථ සේවකයන්
ඡන්දය පාවිච්චි කරන්න යන නිසා.
ඒ නිසා ඡන්දය දාන්න යන ජනතාව උදෙන්ම ඡන්දය පාවිච්චි කරන්න කියලා ඉල්ලා සිටිනවා යෑයි ලංකා පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා  ඊයේ (15 වැනිදා) පැවසීය.

 දිවයිනේ දැනට පෞද්ගලික බස්‌ රථ විසි දාහක්‌ තිබෙන බවත් එයින් දෛනිකව බස්‌ රථ 17,000 ක්‌ ධාවනය වන බවත් හෙතෙම කීය.

 මෙහිදී තවදුරටත් කතා කළ ගැමුණු විඡේරත්න මහතා මෙසේද කීය.

 කොහොම වුණත් 18 වැනිදා උදේ වරුවේ පෞද්ගලික බස්‌ රථ ධාවනය යථා තත්ත්වයට පත්වෙනවා. මේ නිසා මගී ජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා. කොහොම වුණත් අපේ බස්‌ රථ සේවකයනුත් ඡන්දය භාවිත කරන්න ඕනේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්