මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ ඔවුන්ගේ අතීත ක්‍රියාවන් සලකා බලා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.  සජිත් ප්‍රේමදාස මහතා පිරිසුදු චරිතයක් සහිත කුමන කාර්යයක් වුවද විශිෂ්ඨ ලෙස කළ හැකි නායකයකු බවද එම නිවේදනයේ  සඳහන් වේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක සෙල්වම් සේනාධිරාජා, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අදයිකලනාදන් සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන  මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට  අපේක්ෂකයකු තෝරා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස 2019 නොවැම්බර් මස 16 වනදින ජනාධිපතිවරණය පැවැත්වේ . පාර්ලිමේන්තුවේ තෙවෙනි වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් වැඩිම ආසන ගණනක් ඇති පක්ෂය
ලෙස දමිළ ජාතික සන්ධානය (TNA) ඉළංගයි තමිල් අරසුකච්චි (ITAK) හි ඇති ස්ථාවරය ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු. පත්වන නව ජනාධිපති (1) ප්‍රජාතන්ත්‍රවාදයට සත්‍යවාදී ලෙස කැපවීමක් ඇති, විරුද්ධවාදීන් ඉවසන, අධිකාරිවාදයට  සහ ඒකාධිපතිවාදයට විරුද්ධ වන අයෙකු වීම (2) රාජ්‍යය ආයතන, ව්‍යවස්ථාදායකය, විධායකයේ සහ අධිකරණයේ සේවාවන්වල විශේෂයෙන්ම රාජ්‍ය සේවය, පොලිස් සහ ත්‍රිවිධ හමුදා සේවය සහ ඉහත සේවාවන් හි පාලන බලය ඇති අනෙකුත් ආයතනවල නිදහස ආරක්ෂා කිරීම සහ රැක ගැනීමට හැකි වන අයෙකුවීම (3) එසේම මූලික අයිතිවාසිකම් සහ මානව අයිතීන් උදෙසා කැපවූ අයෙකුවීම (4) එසේම සාධාරණත්වය සහ සාමානාත්මතාවය සහ සියලු ආගම් සහ ජාති භේද පසෙකලා ජාතික සහ ප්‍රදේශිය ලෙස රාජ්‍ය පාලනයට සත්‍ය ලෙස කැපවූ ඒ තුළින් නිර්මාණය වන එක්සත් නොබෙදුනු බෙදිය නොහැකි රටක් තුළ සියලුම පුරවැසියන්ගේ අනන්‍යතාවය පවත්වා ගැනීම සහ රැක ගැනීම මගින් ඔවුන් සමාන බව දැනෙන අතර එකම රටක් ඔවුන් සියලු දෙනාටම අයිති වනවාසේම ඔවුන්ද එකම රටකට අයිති බව හැගෙනු ඇත.

ඉහත සඳහන් වන කරුණු උසස් සංකල්පයන් බන අතර මෙහි මහගු වගකීම් කවුරුන් හට ලබා දෙනවාද යන තීන්දුව ගැනීමේදී ඡන්දදායකයන් විසින් ඉතා සුපරික්ෂාකාරී විය යුතුය. වැරදි තීන්දුවක් තුළින් විනාශකාරී ප්‍රතිවිපාකයක් ලැබිය හැකිය. පළමු අපේක්ෂකයන් දෙදෙනා මෑත කාලයේ පාලන බලය තුළ කටයුතු කළ දේශපාලන හැඩගැසීමට අයත් වේ. ඔවුන්ගේ අතීත ක්‍රියාවලිය පිළිබඳ අපට අත්දැකීමක් ඇත. එය පාදක කොටගෙන අපට තීන්දු ගත හැකිය.

පොදුජන පෙරමුණ සහ එහි අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය පිළිබඳව ඇති වාර්තාව ඍණාත්මක එකකි. ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය අවලංගු කිරීම, ව්‍යාවස්ථාවේ 18 වන සංශෝධනය බලගැන්වීම, ඉහත කාරණා ඉටුකර ගැනීම සඳහා ව්‍යවස්ථාදායකය මෙහෙයවීම, ව්‍යවස්ථාදායක සභාව අවලංගු කිරීම, සියලු සේවාවන්හි උසස් තනතුරු සඳහා සහ ඉහළ ව්‍යවස්ථාදායකයේ පත්වීම්, විධායක ජනාධිපතිගේ තනි කැමැත්ත මත සිදුවීම සහ රාජ්‍යය පාලනයේ සියලුම පැතිකඩයන්, තනි පුද්ගලයෙකුගේ එනම් විධායක ජනාධිපතිගේ අත්තනෝමතික කැමැත්ත මත සිදුවීම, අගවිනිසුරුගේ දෝෂාභියෝගය සහ හිටපු හමුදාපති වෙත එල්ල කෙරුණු නිස්සාර කරුණු මත වූ අභිචෝදනාව  යනාදිය මගින් එම රෙජීමේ ඒකාධිපතිවාදය සහ අධිකාරිවාදය සනාථ කරන ලදී.

ව්‍යවස්ථාවේ සංශෝධනය මගින් එවකට ධුරයේ සිටි ජනාධිපතිවරයාට කැමැති වසර ගණනක් එම ධූරයේ රැදෙමින් විරුද්ධවාදීන්ගේ මත නොඉවසා කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන ලදී.  පහරදීම් සහ මාධ්‍යවේදීන්, සාමාන්‍ය වැසියන්, ශිෂ්‍යයන් මානව අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිකයන් සහන සේවකයන් මෙන්ම පාර්ලිමේන්තු සාමාජිකයන්, අතුරුදහන්වීම්, එයින් අපගේම සාමාජිකයන් වන ජෝසප් පරරාජසිංහම් මහතා සහ එත් රවිරාජ් මහතා යන අයගේ ජීවිත මානව අයිතීන් සහ මූලික අයිතීන් කඩවීමකට මුහුණ දීමට සිදුවිය. සුදු වෑන් සම්ප්‍රදාය
එයින් ප්‍රචලිතය.

අනෙක් ප්‍රධාන ජනාධිපති අපේක්ෂික වන සජිත් ප්‍රේමදාස මහතා සහ එම දේශපාලනික හැඩගැසිම් තුළ එවැනි චෝදනාවක් සඳහා  ඉඩකඩ නැත. ඔවුන් එයට පටහැනිව යමින් ක්‍රියාවලිය තව තවත් ඉදිරියට ගෙන යෑම සඳහා සහභාගි වී ඇත.  සජිත් ප්‍රේමදාස මහතා පිරිසිදු චරිතයක් සහිත නායකයෙකි. ඔහු විසින් කර ඇති කුමන කාර්යයක් වුවද ඔහු විශිෂ්ට ලෙස කළ ඇති බව පිළිගැනීමට හැකි කරුණකි. රටෙහි ජීවත්වන සියලු ජනතාව එක්සත්  කරමින් සෞභාග්‍ය සහ දියුණුව කරා ගෙන යන බවට ඔහුගේ ස්ථාවරත්වය නිරතුරුවම ප්‍රකාශ කොට ඇත. ඔහුගේ මෙහෙවර පිළිබඳව ඔහුට පැහැදිලි දර්ශනයක් ඇති බවද  ඔහු ප්‍රකාශ කොට ඇත.

ධනාත්මක ලක්ෂණ  පෙන්නුම් කරන සලකා බැලිය යුතු සුදුසු කාරණා මෙහි ඇතුලත් වී ඇත. ජාතික ප්‍රශ්නය සඳහා පිළිගත හැකි දේශපාලනික විසඳුමක්, එක්සත් නොබෙදුනු, බෙදිය නොහැකි, රටක් තුළ ලබාදීම, අතුරුදහන් වූවන්ගේ ගැටළු, සිරභාරයේ සිටින්නන් පිළිබඳ ගැටළු, ඉඩම් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපනය කිරිම, දේශීය සහ අන්තර්ජාතික සමාජයට ශ්‍රී ලංකා රජය විසින් ඉටු කිරීමට කැපවූ පොරොන්දු ඉටු කිරීම සහ ඉහත සඳහන් ගැටළු, පත්වන නව ජනාධිපති විසින් නිරාකරණය කළ යුතුව ඇත. මෙම ගැටළු නිරාකරණය හුදෙක් දමිළ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා පමණක් නොව එය දේශයේ සියලු ජනතාව වෙනුවෙන් කළ යුතුය.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ට අනුව සහ ඔවුන්ගේ පසුගිය කාලයේ ක්‍රියාවන් සලකා බැලීමේදී අපේක්ෂකත්වය වැඩසටහන් සහ ප්‍රතිපත්ති අනුව නිවැරදි තීරණය වනුයේ නව ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ සජිත් ප්‍රේමදාස මහතාය.

සියලු කරුණු සලකා බලා විශේෂයෙන්ම පසුගිය කාලයේ සහ අනාගතයේ ඔවුන්ගේ ක්‍රියාවන් ද ප්‍රතිපත්ති ප්‍රකාශන ද සලකා බලා  දමිළ ජාතික සන්ධානය (TNA) ඉලංගයි තමිල් අරසුකච්චි (ITAK) විසින් සියලුම ජනතාවගෙන් විශේෂයෙන් නියෝජනය කරන දමිළ ජනතාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ අපේක්ෂක හංසයා ලකුණන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතා හට තම වටිනා ඡන්දය ලබාදෙන ලෙසයි.

-සිතුම් චතුරංග-