ජපානයේ යොකොහමා
ක්‍රීඩාංගණයේදී අද
පැවැති රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය ලකුණු 32 – 12 ක් ලෙසින් පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ තුන්වැනි වරටත් වෙබ් එළිස් කුසලාන දිනාගත්හ.

දකුණු අප්‍රිකාව දඬුවම් පහර 6 කින් සහ ගෝල දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායම දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත්තේය.

පළමු අර්ධය නිමා වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 12 – 06 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.