ඡන්දය ලබා දීමේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ ඉදිරියෙන් නිවැරදිව කතිර ලකුණ යොදන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

යක්කල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

"මනාප ගැන හිතන්න එපා අපිට මනාප දෙක තුනක් නෑ. එක කතිරයයි ගහන්න ඕනේ. පොහොට්ටුව ඉදිරියේ තියෙන හිස්
කොටුවේ කතිරය ගැසීම විතරයි අපි කළ යුත්තේ. ඊට වඩා දෙයක් කරන්න හදන්න එපා. හරියටම නම බලන්න. ඡන්දේ දාන දවසට කලින් දවසේ අයිඩින්ටිය, කණ්නාඩිය, ඇතුළු කලමනා ටික ලෑස්ති කරගෙන ඡන්දේ දවසේ කණ්නාඩිද දාලා කතිරේ ගහන්න. පොහොට්ටුවට උඩින් අන්නාසි ගෙඩිය තියෙනවා. මේක පටලවාගන්නවා අපේ අය. ඒ වගේම නාමල් රාජපක්ෂ කෙනෙක් ඉන්නවා. ඒක පටලවාගන්න පුළුවන්. කතිරයක් ගැහුවට පස්සේ මකලා වෙනස් කරන්න බෑ. ඒ නිසා හොඳට බලලා තමන්ට සැක නම් නිලධාරියාගෙන් අහන්න පොහොට්ටුව කොතනද කියලා. හරියට පොහොට්ටුව ඉදිරියේ කතිරය ගහන්න. පටලවාගන්න එපා..මොකද එක ඡන්දයක් වරද්දගන්නවා කියන්නේ 2015 දී වරද්දගත්තා වගේ වෙනවා."