කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග
මහතා ගමන්ගත් මෝටර් රථය කටුනායක අධිවේගී පිටවුම් ස්ථානයේදී ඊයේ (24දා) අනතුරට ලක්ව තිබේ.
මුදල් ගෙවීමට
නවතා තිබියදී පැමිණි බවුසරයක් ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බව අප කළ
විමසුමේදී අමාත්‍යවරයා පැවසුවේය. බවුසරයේ තිරිංග දෝෂයක් හේතුවෙන් තවත් වාහන කිහිපයකද ගැටුණු බවද ඔහු කියා සිටියේය.

අනතුරට පත්වන විට රථය තුළ අමාත්‍යවරයා, දියණිය, ආරක්ෂක නිලධාරියකු හා රියැදුරුද සිට තිබේ.

චම්ලි ඒකනායක
නිට්ටඹුව - මනෝජ් පතිරණ