ඊයේ රාජ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති ධූර ලෙස කාණ්ඩ දෙකකට නව රජයේ ඇමති ධූර දිවුරුම් දුන් නමුත් එය වෙනස් කර සියලු දෙනා රාජ්‍ය ඇමතිවරුන් බවට පත් කරන්නට රජය තීන්දු කර තිබේ.

 ඒ අනුව
නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ඊයේ (27) පෙරවරුවේ දිවුරුම් දුන් කාංචන විජේසේකර, නිමල් ලන්සා සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් ඊට පැය කිහිපයකට පසු සවස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසද ජනාධිපතිවරයා ඉදිරියේ යළිත් දිවුරුම් දී ඇති අතර ඒ අනුව සියලු රාජ්‍ය ඇමති ධූර 38 දක්වා ඉහළ ගොස් නියෝජ්‍ය ඇමතිවරු කිසිවෙකු නැති කර ඇත.
 නියෝජ්‍ය ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් අතර වෙනස වූයේ රාජ්‍ය ඇමතිට වඩා නියෝජ්‍ය ඇමති වැටුප රු 5000 ක් අඩුවීමයි. දැන් සියලු දෙනාගේ අමතර දීමනා නැතිව වැටුප රු 140000 කි. දීමනා සමග ලක්ෂ 4 ඉක්මවා යන වියදමක් රාජ්‍ය ඇමතිවරයෙකු වෙනුවෙන් රජය දරයි.