එජාපයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන්ගේ ද සහය ඇතිව නිවිතිගල ප්‍රදේශීය සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 23 කින් සම්මත වුණා.

ඒ, සභාපති කුලතුංග ලියනගේ මහතාගේ
ප්‍රධානත්වයෙන් සිකුරාදා (22දා) පැවති රැස්වීමේ දී.

සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය යෝජනාව විපක්‍ෂ නායක එක්සත් ජාතික පක්‍ෂයේ සභිත පියසේන පොල්වත්ත මහතා ස්ථිර කළා.

ඒ අනුව පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් 14 ක් විපක්‍ෂයේ එක්සත් ජාතික පක්‍ෂයේ 07ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙදෙනාද අයවැයට පක්‍ෂව ඡන්දය ලබා දුන්නා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නිවිතිගල ප‍්‍රාදේශීය සභාවේ බලය හිමිව තිබෙනවා.