නොවැම්බර් 16. වැනිදා පැවැත්වෙන  දින ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රමප්ට් අමතරව තවත් ජනපති ආර්යාවක් බිහිවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (06දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය
හමුවකදී හෙතෙම මේ කරුණු සඳහන් කළේය.  විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට කටයුතු යොදා නොමැති බවත්, ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද එරට පුරවැසියකු ලෙසින් වීම ඊට හේතුව බව අමාත්‍යවරයාගේ අදහස වී තිබේ. ඒ අනුව දැන්වත් සිය එක්සත්  ජනපද පුරවැසිභාවය අහෝසි කිරීමේ සහතික ඉදිරිපත් කරන්න ල‍ෙසට තමන් ගෝඨාභයට අභියෝග කරන බවත් මංගල. සමරවීර මහතා මෙහිදී පැවසීය.

"මේ වසරේ මුල් මාස හයේදී ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්න පුද්ගලයන් 1090කගේ නම්
දැනටමත් ප්‍රසිද්ධ වෙලා තියනවා. ඒත් තවමත් ගෝඨාභය මහතාට අදාළ පුරවැසිභාවය ඉවත් කිරීමේ DS 4079 අනුමැතිය හිමිවෙලා නැහැ. ඒ වගේම තමයි අපි සොයා බලපු විදියට එක්සත් ජනපදයේ දිස්ත්‍රික් උසාවි 94න් කිසිදු තැනකවත් මේ අනුමැතිය ගැන සඳහනක් නැහැ."
මේ අතරම අදාළ කටයුතු සඳහා තවත් මාස 16ත් 24ත් අතර කාලයක්  ගත වන බවත්, පුරවැසිභාවය අහෝසි. කිරීමට අදාළව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබා දෙන අනුමැතිය ලැබුණද, එරට මහා භාණ්ඩාගාරය ලබා දෙන අනුමැතියට තවත් මාස 9ක් පමණ ගත වන බවත් හ‍ෙතම මෙහිදී පෙන්වා දුන්නේය.

"ඒ කියන්නේ ගෝඨාභය මහතා තවමත් එක්සත් ජනපදයේ පුරවැසියෙක්. මේ විදියට එක්සත් ජනපදයේ වගේම ශ්‍රී ලංකාවේත් පුරවැසිභාවය හිමි ගෝඨාභය මහතා ජනාධිපතිවරණයෙන් ගත්තොත්    ගත වන බවත්, පුරවැසිභාවය අහෝසි. කිරීමට අදාළව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබා දෙන අනුමැතිය ලැබුණද, එරට මහා භාණ්ඩාගාරය ලබා දෙන අනුමැතියට තවත් මාස 9ක් පමණ ගත වන බවත් හතම මෙහිදී පෙන්වා දුන්නේය.
"ඒ කියන්නේ ගෝඨාභය මහතා තවමත් එක්සත් ජනපදයේ පුරවැසියෙක්. මේ විදියට එක්සත් ජනපදයේ වගේම ශ්‍රී ලංකාවේත් පුරවැසිභාවය හිමි ගෝඨාභය මහතා ජනාධිපතිවරණයෙන් ජය ගත්තොත් අනිවාර්යයෙන්ම  එක්සත් ජනපද ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ට අමතරව ඔහුගේ බිරිඳත් එක්සත් ජනපද ජනාධිපති ආර්යාවගේ තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා මේ පුරවැසිභාවය අහෝසි කරගැනීමේ සහතික දැනුවත් ඉදිරිපත් කරන කියලා මම ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරනවා." අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 -භානුක අමරසිංහ-