රසායනික පොහොර නොමිලේ ලබා දීමේ පොරොන්දුව ගැන
ජනපති මෛත්‍රිපාල සිරිසේන සිය අප්‍රසාදය පළ කර ඇති බව වාර්තාවේ.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා රසායනික පොහොර නොමිලේ දීමට ගත් තීරණය ගැන තම අප්‍රසාදය පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

අසීමිත රසායනික පොහොර භාවිතය වකුගඩු රෝගය වැඩිවීමට පරිසර පද්ධති අසමතුලිත කිරීමට බලපාන බව ඔහු වැඩිදුරටත් එහි දක්වා තිබෙයි.