පාස්කු ඉරිදා දින මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර වලට නායකත්වය දුන් සහරාන් නෂීම්ගේ බිරිඳ මාධ්‍ය හමුවක් සඳහා යොදවා ගැනීමට කටයුතු සිදු කෙරෙමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පසුපස
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල සිටිනා බවට පැවසීම ඇයට විශාල මුදලක් ලබා දීමටත් ආණ්ඩුවේ ප්‍රබලයන් කටයුතු කර ඇතැයිද ඔහු පැවසීය.

ඉතා නුදුරු දිනකදී මෙම කටයුත්ත සිදුවනු ඇති බවත් ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජනතා රැලියක් අමතමිනි.