තැපල් ඡන්ද  දායකයන් විසින් තැපැල් ඡන්ද ප්‍රකාශය කළ 2019 ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 1 දින
වලින් පසුව ස්වකීය අපේක්ෂකයා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබෙන බවට හෝ අතිවිශාල ප්‍රතිශතයක්

ලබාගෙන ඇති බවට දේශපාලඥයන් හා ආධාරකරුවන් කරන සත්‍ය නොවන ප්‍රකාශ විද්‍යුත් හා මුද්‍රිත
මාධ්‍යවලින් මෙන්ම සමාජ මාධ්‍ය ජාලවලින්ද ප්‍රචාරය කරන බව නිරීක්ෂණය වී ඇතැයි මැතිවරණ
කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම නොවැම්බර් මස 16 වැනි දින
පස්වරු 5.00න් පසුව තැපැල් ඡන්ද ගණන් කර ප්‍රතිඵල නිකුත් කරන
තෙක් කිසිදු තැනැත්තකුට, සංවිධානයකට හෝ පක්ෂයකට එවැනි නිශ්චිත ප්‍රතිශත සහිත කරුණක් ප්‍රකාශ
කිරීමේ හැකියාවක් නැති බව එම කොමිෂන් සභාව පවසයි.

එවැනි  සනාථ නොකෙරෙන අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම හා එමඟින් සෙසු ඡන්ද හිමියන්ට බලපෑමක් ඇතිවන
පරිදි එකී ප්‍රකාශ සඳහා පුළුල් ප්‍රචාර ලබාදීම සුදුසු නොවන බවත් ජනාධිපතිවරණයේදී ඡන්දය දීමට
අපේක්ෂිත සියලුම පුරවැසියන් වෙත සහ සියලුම මාධ්‍ය වෙත මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන
බව එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරයි.

ජේ.ටී. ද සිල්වා