එක්සත් ජාතික පෙරමුණේ නායක
රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා
ලෙසින් පිළිගැනීමට සිදුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (27) පැවසීය.
ඉදිරිපත්ව ඇති අනෙක් තැනැත්තා වන සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායක ධූරයෙන් පවා ඉවත්වූ අයෙකු වීම මත මෙම තේරීමට සුදුසුකම් නොලබන බව දන්වා ඇත.
කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් පක්ෂය ඇතුළත සිට විසඳා ගත යුතු බව කතානායකවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.