සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම උදෙසා, වැඩ කරන රටක් ගොඩනැගීමේ කාර්යයට ඉදිරියේදීත් සහාය
ලබාදෙන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ය.

රටක් වශයෙන් ලද ජයග්‍රහණයට ඔවුන් ලබාදුන් දායකත්වය ද ජනාධිපතිතුමා ඇගයීමට ලක්කර තිබේ.ජයග්‍රහණය උදෙසා සෘජුව සහ වක්‍රව කැප වී ක්‍රියාකළ සමාජ ජාල ක්‍රියාකාරීන්ට සිය ස්තුතිය පුද කර තිබේ.