ඡන්දය පාවිච්චි කිරීම සඳහා විදේශ රටවල සිට පැමිණෙන ඡන්ද හිමියන් ජාතික හැඳුනුම්පතට අමතරව විදේශ ගමන් බලපත්‍රය ඡන්ද මධ්‍යස්ථානයට ඉදිරිපත් කළ යුතු බවට මැතිවරණ කොමිසම දැනුම් දෙයි. හොර ඡන්ද
දැමීම වැළැක්වීම සඳහා මෙම
පියවර ගෙන ඇතැයි ද එම කොමිසම කියයි. වෙනත් වලංගු අනන්‍යතා ලේඛන ඉදිරිපත් කළ ද ජනාධිපතිවරයා පත් කර ගැනීමේ පනතේ ඇති අදාළ ආකෘතියට අනුව ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ද මෙහිදී ඔවුන්ට අනිවාර්ය කර ඇතැයි කොමිසම සඳහන් කරයි.

එවැනි ප්‍රකාශයක් සිදු නොකරන කිසිදු ඡන්ද හිමියකුට ඡන්ද පොළේ දී ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකිරීමට උපදෙස් ලබා දී ඇතැයි ද කොමිසම පවිසයි.. විදේශයක සිට පැමිණි ඡන්ද දායකයෙකු පිළිබඳව කිසියම් සැකයක් ඇතිවුවහොත් පොලිසියට දැනුම් දිමට සිදුවන බට ද කොමිසම කියයි. විදේශ රටවල සිට ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ පැමිණීමට දැනටමත් තීරණය කර ඇතැයි ද වාර්තාවේ.

-ජයන්ත සමරකොන්-