නාඋල අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක හතර වසරේ දරු දැරියන්ගෙන් මෙවර මැතිවරණයේදී සිය
මවුපියන් ඡන්දය භාවිත කරන්නේ කුමන පක්ෂයකට දැයි විමසා ඇතැයි මවුපියෝ චෝදනා කරති.

ගෝඨාභයට
හා සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදෙන පිරිස් වෙන වෙනම හඳුනා ගැනීම සඳහා අත් ඔසවා
ප්‍රකාශ කරන ලෙස එම ගුරුවරිය සඳහන් කර ඇතැයි මවුපියෝ පැවැසූහ.

ඇතැම් දරුවන් අපේක්ෂකයන් දෙදෙනාටම අත් ඔසවා ඇති බවත් තවත් දරුවන් පිරිසක් කිසිවකුටත් අත් ඔසවා
නොමැති බවත් මවුපියෝ කියති.

කුඩා දරුවන්ගේ මනස් තුළට දේශපාලනික අදහස් පාසල් තුළින් කා වැද්දීම සඳහා කරගෙන යනු ලබන විවිධ
ක්‍රියාවන් සම්බන්ධයෙන් මැතිවරණයෙන් පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව සිද්ධියට මුහුණ දුන්
දරුවන්ගේ මවුපියන් පිරිසක් අදහස් දක්වමින් කියා සිටියේය.

නාඋල - අයි.ඒ. කුමාර