මෙවර ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් 35 දෙනාගෙන් 33දෙනකුගේ ඇප මුදල් අවලංගු වී තිබේ. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව වලංගු ප්‍රකාශිත ඡන්දවලින්
සියයට 5ක ප්‍රතිශතයක්
හිමිකර ගැනීමට අපොහොසත්වීම නිසා එම අවලංගු වන බව මැතිවරණ කොමිෂන් සභා සඳහන්කරයි. මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් සියයට පහ ඉක්මවා ලබාගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයන් දෙදෙනා පමණි.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 52.25ක් වන අතර සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 41.99කි. අනුර කුමාරකනායක මහතාට ලබාගත හැකිවූයේ සියයට 3.16 ක ඡන්ද ප්‍රතිශතයකි. අනෙක් සියලුම අපේක්ෂකයන්ට සියයට1 ක ඡන්ද ප්‍රතිශතයක්වත් ලබාගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.

-රංජන් කස්තුරි-