මෙවර ජනාධිපතිවරණයේ දී භාවිත කිරීම සඳහා අලුතින් කාඩිබෝඩි ඡන්ද පෙට්ටි 3000ක්  මිලදී ගත් බව මැතිවරණ කොමිසම කියයි.

එම කාබෝඩ් ඡන්ද පෙට්ටි ජලය කාන්දු නොවන ආකාරයෙන් හා ආරක්ෂිත ලෙස සකස් කර තිබෙන බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණය සඳහා කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටියකට රුපියල් 1500ක් බැගින් වැය වූ බවද ප්ලාස්ටික් ඡන්ද පෙට්ටියක්
වෙනුවෙන් රුපියල්
8500ක් වැයවන බවද ඔහු කීය.

කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි යාපනය, වන්නි, අම්පාර. කුරුණෑගල, මඩකළපුව, පොලොන්නරුව, පුත්තලම, අනුරාධපුරය
යන දිස්ත්‍රික්කවල ඡන්දපොළවල භාවිතයට  ගන්නා බවද දේශප්‍රිය මහතා පැවසීය.

ලෝකයේ බොහෝ රටචල් ඡන්ද පත්‍රිකා දැමීම සඳහා කඩදාසි ඡන්ද පෙට්ටි භාවිත කරන බවද දේශප්‍රිය මහතා කීය.

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකාව දිගුවීම නිසා ජන්ද පෙට්ටි විශාල ප්‍රමාණයක් අලුතින් සකස් කිරීමට මැතිවරණ කොමිසමට සිදුවී ඇත.

ජලය කාන්දු නොවන ආකාරයෙන් කාඩ්බෝඩ් වලින් නිමකරන ලද ආරක්ෂිත නව ජන්ද පෙට්ටියක් මතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මාධ්‍යවේදීන්ට ඊයේ ප්‍රදර්ශනය කරනු ලැබු අයුරු. (ඡායාරූපය - ලහිරු හර්ෂණ)

රංජන් කස්තුරි