නව ආණ්ඩුව බලයට පත් වූ පසු ලංකා ඛනිජ තෙල්, නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන් 267 දෙනෙකු බලහත්කාරයෙන් ඉවත් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ වත්තීය සමිති කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (27දා) පැවසීය.

විධිමත් ක්‍රමවේදයන් යටතේ බඳවාගෙන සිටි මෙම සේවක පිරිස සම්බන්ධව කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධව අද (28දා) පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායක රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කරන බවද හෙතම පවසා සිටියේය.

මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමයට සම්බන්ධ සේවකයන්ට පහරදීම් සිදුකර තිබෙන බවත්, ඇතැම් සේකයන්ට තනතුරුවලින් ඉවත්වන ලෙසට දැනුම්දී තිබෙන බවත් ඒ මඟතා ප්‍රකාශ කළේය.

ආකාරයට වැඩබිම්වලදී
දේශපාලන පලිගැනීම්වලට ලක්වන සේවකයන් පිළිබඳ තොරතුරු, සාක්ෂි සාධක සහිතව ජාතික සේක සංගමයට හෝ සිරිකොත පක්ෂ මුලස්ථානයට ලබාදෙන මෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.

පිටකෝටිටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා,
"දැන් රජයේ සේවකයන්ට හොඳ අගයක් ලැබිලා තිබෙනවා, රජයේ සේවකයන්ට ලබන ජනවාරීයේදී රුපියල් 3,000ක් ලබාදීමට අපේ රජය ගෙන තිබු තීරණය නතර කිරීමට යන බවට තොරතුරු ලැබී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත මුදල නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. අපි ආරම්භ කළ ව්‍යාපෘති සියල්ල නතර කරන්න කියලා දිසාපතිවරුන්ට හා ප්‍රාදේශීය ලේකමිවරුන්ට් චක්‍රලේඛ යවා තිබෙනවා. ඩොලරය රුපියල් 181,60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වත්මන් ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා කිව්වා පළිගැනීම් සිදුකරන්නේ නෑ, වධ දෙන්නේ නෑ කියලා. නමුත් මේ වනවිට බනිජතෙල් නීතිගත සංස්ථාවේ 267 දෙනෙක් පාරට දාලා තිබෙනවා. වසරක් පමණ රැකියාව කළ මෙම පිරිසට වැඩට එන්න දෙන්නේ නෑ. මොකද හදනවා කියන විනය? මොකද්ද නීතිය? මොකද මේ සෞභාග්‍යමත් රාජ්‍යයන්ට
අද නීතිය ක්‍රියාත්මක කරන නිලධාරූන් කුණු අදිනවා. දැන් පොලීසියට බැඳුනත් එකයි, නගර සභාවට බැඳුනත් එකයි. දැන් මැරයන් තක්කඩියන් වැඩපළට එන අයට පහරක්වෙමින්  සිටිනවා.

සිපෙට්කෝ
ආයතනයේ සේකයන්ට මැර කණ්ඩායමක් පහරදී තිබෙනවා. ඉන් පහරකෑමට ලක්වූ එක සේවකයන් අද වනවිට දැඩිසත්කාර ඒකකයයේ ප්‍රතිකාර ලබනවා. මෙන්න හදනවා කියපු නය ගරුක රට, ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට අද එන්න දෙන්නේ නෑ. තනතුරුවලින් පන්නමින් හිරිහැරකර තිබෙනවා.

සියලු රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා දැන් සිදුවෙන දේශපාලන හිරිහැර ගැන සාධක සාක්ෂි සමග තහවුරු කිරීමේ ලිපිලේඛන සමග ජාතික සේවක සංගමයට ගෙනවිත් බාරදෙන්න. රජයේ සේවකයන්ට සිදුවෙන හිරිහැර ගැන පොලිස් ස්ථානවල පැමිණිලි කරලා පැමිණිල්ලේ පිටපත හා අපි ඉදිරීපත් කර තිබෙන ආකෘති පත්‍රය සම්පූර්ණ කරලා ජාතික සේවක සංගමයට හෝ සිරිකොතට මූලස්ථානයට ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් පවසා සිටියේය.

මේ අතර ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කළ සේවක සේවිකාවගෙන් පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයට ඊයේ දිනයේදී පැමිණ සිටියහ.

තමන්ට සාධාරණයක් ඉටුකර ගැනීමට මැදිහත් වන බිමෙන් ඔවුහු ජාතික සේවක සංගමය නිලධාරින් හමුවී ඉල්ලා සිටියහ.

අමිත් මධුරංග