නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම හෙට සිදුකෙරෙන බව වාර්තාවේ.

15 දෙනෙකුගෙන් සමන්විත
නව අමාත්‍ය මණ්ඩලය පත්කෙරුණේ පසුගිය සිකුරාදායි.
ඔවුන්ගේ සහායට විෂය වෙනවෙනම නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරු පත්වනු ඇතැයි දැනගන්නට ලැබේ. එම සංඛ්‍යාව ගැන තවම අවසන් තීරණයකට එළැඹ නැත.
 රාජ්‍ය අමාත්‍යවරුන් මේ දක්වා නිකරුණේ අත්සන් ගැසූ බවත් තම අමාත්‍යාංශවල කටයුතු සිදුකිරිම සඳහා අවශ්‍ය බලය නොතිබුණ ඔවුන්ට බලය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිකාරාදා පවසා තිබුණි.