නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන ආ බව කියන රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා ගිරවුන් පස් දෙනකු හා ලේනකු ළග තබා ගෙන සිටි ව්‍යාපාරිකයකු පිළියන්දල නගරයේ නිවසක දී පෙරේදා අත්අඩංගුවට
ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ඒකකය කියයි.  එම සැකකරු සමග කොකටු ගිරවකු, අප්‍රිකාවේ ගිරවුන් දෙදෙනකු හා රින්ෆෙක් වර්ගයේ ගිරවුන් දෙදනකු මෙන්ම විශාල ප්‍රමාණයේ අප්‍රිකානු ලේනකු පොලිසිය බාරයට ගෙන ඇත.

ව්‍යාපාරිකයෙකු නීති විරෝධී අයුරින් විදේශ රටකින් රැගෙන

එන ලද ගිරවුන් පස් දෙනකු හා ලේනකු නිවසෙහි රඳවා ගෙන සිටින බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යස සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්න මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි. පොලිසිය නිවස වටලන අවස්ථාවේදී මෙම ගිරවුන් පස් දෙනා හා ලේනකු කුඩු දෙකක රඳවා විවෘත ස්ථානයක තබා තිබු බවත් ඔහු මිට වසර දෙකකට පමණ පෙර මෙම සතුන් රැගෙන ආ බවට ප්‍රශ්න කිරිකෙදී හෙළි වූ බව පොලිසිය කියයි.

එක් ගිරවකු රුපියල් ලක්‍ෂ දෙකේ සිට පහ දක්වා වෙළද පොළෙහි මිලක් පවතින බව දැන ගන්නට ඇතැයි පොලිසිය කියයි. ඇමසන් වනාන්තරයේ මෙම හිරවුන් බහුල වශයෙන් සැරිසරන බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-