මඩොල්සිම මැටිගහතැන්න ප්‍රදේශයේ කුඹුරු යායක් ආසන්නයේ ගල්බැමිමක් අසල දමා ගොස් සිටි අවුරුද්දයි මාස 11ක් පමණ වයස සිඟිති දැරියක් සොයා ගත් බවත්, ඒ සම්බන්ධයෙන් සැකපිට සිඟිත්තියගේ මව, පියා
සමඟ මිත්තණිය ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව මඩොල්සිම පොලීසිය පවසයි.සැකකරුවන් මඩොල්සිම මැටිගහතැන්න බකිනිලන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ක මවක්, 30 හැවිරිදි පියකු සහ 51 හැවිරිදි මිත්තකි. මඩොල්සිම මැටිගහතැන්න පාසල අසල කොන්ක්‍රීට් මාර්ගයේ කුඹුරු යායක් ආසන්නයේ ගල්බැමිමක් අසල
සිඟිති දැරියක් අඬන ශබ්දයක් ඒ ආසන්නයේ නිවසක සිටි කාන්තාවකට ඇසී සොයා බැලීමේදී මාධ්‍යයේ ශරදි බෑගයක් සමග දමා ගොස් සිටි මෙම සිඟිත්තිය

දැක නිවසට රැගෙන ගොස් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමෙන් අනතුරුව සිඟිත්තිය පොලිස් භාරයට
ගෙන තිබේ. ඒ අනුව මඩොල්සිම පොලීසිය පරීක්‍ෂණ පවත්වා සිඟිත්තියගේ මව,පියා,මිත්තණිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මවුපියන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙසේ සිඟිත්තිය ම දමා ගොස් ඇතැයි පරීක්‍ෂණවලදී අනාවරණය විය. සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන
යසුන්දර, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වත්ත කන්දේවත්ත, සහකාර පොලිස් අධිකාරී බී.ඇම්. අබේගුණසේකර යන මහත්වරුන් උපදෙස් මත මඩොල්සිම පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් චන්ද්‍රසිරි ලොකුදැඩල්ල මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවති.

ඇල්ල - ප්‍රසාද් රුක්මල් / ලුණුගල ප්‍රසන්න පත්මසිරි / බන්ඩාරවෙල රවිඳු දසුන්