එදා විරැකියාවෙන් පෙලුනේ ලක්ෂ 4ක් බවත්, අද එය ලක්ෂ 10 දක්වා වැඩිවී ඇති බවත්. තේ, රබර්,පොල්, ගම්ම්රිස්, වී ආදී කාෂිකාර්මික නිෂ්පාදනවල මිල පහත වැටී ඇති අතර, ජනතාවගේ ජීවන බර හා බදු බර
පමණක් ඉහළ නැග තිබෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා (05දා) බුලත්කොහුපිටිය නගරයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
 මේ ආණ්ඩුව මහ දවල් මහ බැංකුව හොරා කෑවා. අද වෙනකල් රටේ සම්පත් හොරාකෑම පවතිනවා. රටේ ආරක්ෂාව බිංදුවටම පහළ වැටිලා. බුද්ධි අංශවල නිලධාරින් හිරේ දානවා. උසස් රාජ්‍ය නිලධාරීන් හිරේ දානවා. අද ජම්පර් ගැන කතා කරනවා. මේ අය පසුගිය අප්‍රේල් 21 රටටම ජමිපර් ඇන්දුවා.

 මෙම ත්‍රස්තවාදය ගැන බුද්ධි අංශ විසින් 97ත් වතාවක් රජය දැනුවත් කරලාතිබුණා. නමුත් ගණන් ගත්තේ නෑ. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගියදා විශාල පිරිසක් මිය ගියා. 2017 වර්ෂයේදී පමණ සයින්දමරු ප්‍රදේශයේ මෙම සහරාන් ඇතුළු පිරිසගේ ක්‍රියාකාරකම් පිළිබඳ කාත්තන්කුඩි පොලීසියට මුස්ලිම් ජනතාව දැන්වුවා. එහි ස්ථානාධිපතිවරයා පරීක්ෂණ කරන්න හදනකොට පොලිස් ස්ථාධිපතිවරයා මාරු කළා.

මාවනැල්ලේ බුදු පිළිම කැඩීම සම්බන්ධයෙන් ඊබ්‍රාහීම් කියන පුද්ගලයාගේ පුතුන් දෙදෙනා පොලීසියට බාර දෙන්නම් කියලා බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි ඒ දෙදෙනා පොලීසිට භාර දුන්නේ නෑ. මේ ආණ්ඩුව යටතේ රටට වෙන්න ඕනෑ හැම විපතක්ම වුණා. සාලාව අවි ගබඩාව පවා පිපිරවීම සිදුවුණා. රටේ ආරක්ෂාව තහවුරු නොකර රට සංවර්ධනය කරන්න බෑ. අපේ බුද්ධි අංශ එදා මැලේසියාවට ගිහින් කේ. පී. පවා අත්අඩංගුවට ගන්න දක්ෂ වුණා. අද ඒ බුද්ධි අංශ හිරේ දාන ආණ්ඩුවක් ඉන්නේ.

 මේ ආණ්ඩුව යටතේ සිංහල , දෙමළ හා මුස්ලිම් අයට සමගියෙන් ජීවත් වෙන්න බෑ, ජාතීන් අතර භේදය වපුරවනවා.

වික්‍රමසිංහ මහතා දිගට, පළලට, හරහටද හැම විදිහටම සමීක්ෂණ කළා, ගෝඨාභය රාජපක්ෂ හැම එකකින්ම ඉදිරියෙන් සිටින බව දැන ගත්තා. ඊට පස්සෙ අපේක්ෂකත්වය ඉල්ල ඉල්ලා හන්දියක් හන්දියක් ගානේ ඉන්න සජීන්ට අපේක්ෂත්වය දුන්නා. වික්‍රමසිංහ මහත්තයා දන්නවා සජිත් පරදිනවා කියලා. ජනාධිපතිකමින් පැරදුණාට පස්සෙ සජීත් ගෙදර ආර්යාව
සමග ඉන්නකොට වික්‍රමසිංහ මහත්තයා යළි එක්සත් ජාතික පක්ෂය නායකයා වෙලා විපක්ෂනායකකමක් ගන්නවා, අද මේ රටට අවශ්‍ය වෙලා තියන් කටින් බතල හිටවන නායකයින් නොවෙයි. මවුබිමට යමක් කළ හැකි කෙනෙක්.

බුදුරජාණන් වහන්සේගේ මුඛය ශ්‍රී මුඛය වු ලෝකවාසීන්ට අනුකමිපාවෙන් ධර්මය දේශනා කරපු නිසයි. සජිත් වැරදිලාවත් ජනාධිපති වුණත් අනිත් ඒවාට මොනවා කියයිද දින් නෑ. මේ අය අංගොඩ මානසික රෝහලේ ඉන්න ඕනෑ අය. ඔවුන්ගේ හීනමානය මෙයින් පේනවා.

ගෝඨාභය මහත්තයාගේ ජයග්‍රහණය දැන දැන එය වළක්වා ගැනීමට මේ අය උසාවි යනවා. නඩු දානචා. වුණේ. ඒවා ඩිස් මිස් වුණා, කොළඹ නගරයේ පැල්පත් වාසී සියලු දෙනාට ගෝඨාභය රාජපක්ෂ මහතා මහල් නිවාස ඇතිකර ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට කටයුතු කළා. එහිදී කිසිම ජාති භේදයක් බැලුවේ නෑ. සියලු දෙනාට පොදුවේ ඒ පහසුකම දුන්නා.

කොළඹ නගරය දකුණු ආසියාවේ සුවිශිශේෂ නගරයක් මෙන්ම සුවිශේෂ රටක් කිරීමට එතුමාට හැකියාව තිබෙනවා.

මම විදේශයන්ට පරගැති එක්සත් ජාතික පක්ෂයේ අය යළි බලයට ආවොත් මේ රට සිරියාවක් ලිබියාවක් වෙනවා. මෙල්බන්වල, නිව්යෝක් නගර පිළිබඳව තරුණ පරපුරට තිබෙන හීනය මෙරට දී මල්ඵල ගැත්වීමට ගෝඨාභය රාජපක්ෂ යටතේ හැකි වෙනවා” යැයි පැවසීය.

කෑගල්ල - වසන්ත රෝහණ