මෙවර ජනපතිවරණයට තරග කරන බවට ආරංචි පළවූ කුමාර වෙල්ගම හා ගෝඨාභය රාජපක්ෂට නොහැකි වුවොත් තරග කරන බවට ආරංචි පළව තිබෙන චමල් රාජපක්ෂ
සිය පාර්ලිමේන්තු සේවය
සහතික කර ගැනීමට අදාළ ලියකියවිලි අද පාර්ලිමේන්තු නිලධාරීන් වෙතින් ලබාගෙන තිබෙන බව වාර්තාවේ.
ජනපතිවරණයට ඉදිරිපත්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය තහවුරු කිරීමක ලේඛන සන්තකයේ තිබීම ස්වාධීන අපේක්ෂකත්වයට අයදුම් කිරීමේදී අත්‍යවශ්‍ය වන අතර මෙම දෙදෙනාම ඒවා හදිසියේ ලබාගෙන ඇත්තේ ඒ වෙනුවෙන් බව වාර්තාවේ.
මෙම දෙදෙනාම තවම ඇප මුදල් තැන්පත් කරන්නට මැතිවරණ කාර්යාලයට ගියේ නැති අතර ලබන ඉරිදා තෙක් ඊට අවස්ථාව තිබේ.