උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජාතික සංවිධායක වර්ධරාජා පෙරුමාල් සහ මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ පැවැත්වුණා.

එම හමුවේදී වර්ධරාජා
පෙරුමාල් මහතා කියා සිටියේ පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ ජයග්‍රහණය කරවීමට තම පක්‍ෂයේ සියලු දෙනා එක්වී කටයුතු කරන බවයි.

ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ හෙවත් EPRLF සන්නද්ධ සංවිධානයෙහි ආරම්භක නායකයකු වූ වර්ධරාජා පෙරුමාල්, ඉන්දු – ලංකා ගිවිසුම අනුව පිහිටවූ උතුරු නැගෙනගිර පළාත් සභාවෙහි මහ ඇමති ධුරයට 1988 දෙසැම්බර් 10 වනදා පත්වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙහි පූර්ණ ආශිර්වාදය ද සහිතවය. මහ ඇමතිවරයා වශයෙන් පළාත් සභාව තුළ දෙමළ ජාතික හමුදාවක් ද නිර්මාණය කිරීමට කටයුතු කළ වර්ධරාජා, ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යාමට සූදානම් වූ මොහොතේ 1990 මාර්තු 01 වනදා ස්වයංපාලන ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර ඉන්දියාවට පැන ගියේය.