විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව මගින් ආරම්භ කර තිබූ සේවක වර්ජනය තාවකාලිකව අවසන්
කළ බව විශ්ව විද්‍යාල විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී ප්‍රදීප් රත්නායක මහතා පැවසීය.
වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය  33 වන දිනකින් මෙසේ අවසන් විය.
ඒ අනුව මේ දක්වා වසා තිබෙන සරසවි ගණනාවක අධ්‍යයන කටයුතු යළි ආරම්භ වනු ඇතැයි වාර්තාවේ.
පසුගිය බදාදා දිනයේ සිය වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය ලබා දුන් නිර්දේශ පිළිබඳව සාකච්ඡා කර මෙම තීරණයට එළැඹි බව වාර්තාවේ.