නෙළුම් කුලුන ඉදිකිරීම් භාර ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRC) වැටුපක් හා කමිටු දීමනාවක් ලබාගන්නා අතරතුර උපදේශන සේවා සඳහා යැයි කියමින් මොරටුව විශ්වවිද්‍යාලෙයන් මාසිකව දීමනා තුනක් ලබාගෙන තිබේ. නෙළුම් කුලුන ඉදිකිරීම පිළිබඳ විශේෂ
විගණනයේදී මේ පිළිබදව අනාවරණය වි ඇති අතර ආචාර ධර්මවලට පටහැනීව කටයුතු කළ මෙම නිලධාරී සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගහ ගන්නා ලෙස විගණනයන් නිර්දේශ කර තිබේ.

අලුතින් ඉදි කිරීම භාරව කටයුතු කළ ව්‍යාපෘති අධ්‍යක්ෂකට ගෙවනු ලැබූ රුපියල් 150,000ක මාසික වැටුපට අමතරව නිල රථයට හා ඉන්ධන දිමනා ලෙස මාසිකව රුපියල් 22,000 ක ගෙවිමට අමතරව ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම කමිටු දිමනා වශයෙන් මාසිකව රුපියල් 75,000ක් බැගින් 2014 දෙසැම්බර් 31 දින දක්වා රුපියල් මිලියන 1.8 ක මුදලක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවෙන්
ගෙවා ඇති බව ද විගණන වාර්තාවේ දැක්වේ.

ඊට අමතරව ඔහු මොරටුව විශ්වවිද්‍යාලය ව්‍යාපෘති  උපදේශන ඒකකයන් ද උපදේශන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 3.32ක් ලබාගෙන ඇතැයි ද ඒ මුදල් ලබාගැනීම ගැන ඔහු විදුලි සංදේශ කොමිෂන් සභාව දැනුවත් කර නැති බව ද එහි සඳහන් වේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා මොරටුව විශ්වවිද්‍යාලය අතර උපදේශන සේවා ලබාගැනීම සඳහා  ගිවිසුම් අත්සන් කර තිබු අතර එම ගාස්තුව කොන්ත්‍රාත් මුදලින් 1.5%ක් එනම් රුපියල් 198,691,500කි.

උපදේශන ගාස්තු නිශ්චිත වන අතර ඉහත ගාස්තුවට සීමා විය යුතු බවට ද විචලතා හා අතිරේක වැඩ සඳහා උපදේශක සේවා ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් ඇති බවට ද ගිවිසුමේ සදහන් වේ. එහෙත් 2015 නොවැම්බර් 26 වැනිදා කොමිෂන් සභා තීරණය අනුව උපදේශන සේවා ගිවසුම් 2017 ඔක්තෝබර් 31 දක්වා දීර්ඝ කර මාසිකව මිලියන 03 බැගින් මිලියන 72ක් ගෙවීමට අනුමැතිය ලබාදී ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ.

මෙලෙස ගිවිසුමට පටහැනිව සිදුකර ඇති උපදේශන ගාස්තු ගෙවීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විගණනයෙන් නිර්දේශ කර මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේ කමිටු දීමනා වශයෙන් කොමිෂන් සභා තීරණය මත එක් එක්  නිලධාරීන් සඳහා මසකට රුපියල් 455,000 බැගින් මාස 24කදී රුපියල් 10,920,000ක් ගෙවා ඇති අතර එය 2007 අප්‍රේල් 05 දිනැති කළමනාකරණ සේවා චක්‍රෙල්ඛයෙහි විධිවිධානයන්ට පටහැනිව සිදුකර ඇති නිසා එම මුදල අදාළ නිලධාරීන්ගෙන් ආපසු අයකරගත  යුතු බවටද විගණනයෙන් නිර්දේශ කර තිබේ.