ලොව කීර්තිමත් මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු මෙන්ම ඔලිම්පික් පදක්කම්ලාභියෙකුද වන, ඔලිම්පික් රීදී පදක්කම්ලාභිනී සුසස්තිකා ජයසිංහගේ
උපදේශකයෙකුද වන ටෝනි කැම්බල් මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව නගාසිටුවීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

කැම්බල් මහතා හා ජාතික ඔලිම්පික් කමිටුව අතර සිදුකෙරන මෙම වැඩපිළිවෙළ ගැන දැනුවත් කිරීමක්, ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී පෙරේදා (08දා) පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් කැම්බල් මහතා,
"අවුරුදු 19කට පස්සේ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඔලිම්පික් උළෙලක පදක්කමක් දිනා ගැනීමට කලින්, අවසන් තරගයකට ඇවිල්ලා ඉන්නවා දකින්න මම ආසයි.
ඒ සදාහා මේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම පුහුණුකරුවන්ගේ කැපවීම අත්‍යවශයි. ඒ වගේම තමන්ට කැමති විදියට බෙහෙත් ගැනීමෙන් වැළකිය යුතුයි" යැයි පැවසුවේය.

මේ අනුව 2000 වසරේදී ශ්‍රී ලංකාවට දෙවැනි ඔලිම්පික් පදක්කම ජයග්‍රහණය කරන්නට අඩිතාලම සකස් කළ ටෝනි කැම්බල් මහතාගේ දැනුම උපයෝගී කරගනිමින්, දේශීය පුහුණුකරුවන් දැනුවත් කර, ඒ හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩා හොද ප්‍රතිලාභ ලබා ගත හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමට ඔලිමිපික් කමිටුව බලාපොරොත්තු වේ.

හානි පැවැති ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් කටාර් රාජ්‍යයට පැමිණි අවස්ථාවේදී, පිදෙදින සංචාරයක් සඳහා කැම්බල් මහතා දිවයිනට පැමිණි අතර ජාතික ඔලිම්පික්

කමිටුවේ විශේෂ දක්ෂතා අධ්‍යක්‍ෂක ලෙස පසුගියදා තේරී පත් වූ සුසන්තිකා ජයසිංහ මහත්මියගේ මැදිහත් වීම මත කැමිබල් මහතා දිවයිනට පැමිණියේය. ඒඅනුව ඒ මහතා ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුළදී මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමගින් සිය අත්දැකීම් හුවමාරු කරගැනීමට නියමිතය. එහිදී ඔවුන් දිරිගැන්වීමද කැම්බල් මහතාගේ අපේක්ෂාවයි.

ඒමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානම මලල ක්‍රීඩාංගණය වන කොළඹ සුගතදාස,
දියගම මහින්ද රාජපක්‍ෂ හා ටොරිංටන්හී ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩා සංකීර්ණ නිරීක්ෂණය කර එහි පහසුකම් සොයා බැලීමටද කැම්බල් මහතා බලාපොරොත්තු වේ.

සිය දීර්ඝකාලීන මලල ක්‍රීඩා ජීවිතය තුළදී සුසස්තිකා ජයසිංහ මෙම ඔලිමිපික් මලල ක්‍රීඩා පදක්කම්ලාභීන් වන මයිකල් ජොන්සන්, මොරිස් ග්‍රීන්,ඕට්ස් හැරිස්,ටයිනා ලෝරන්ස්,ඩෙරන් රොබ්ලෙස් වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම උස පැනීමේ ඇමරිකානු වාර්තාව හිමි හොලිස් කොන්වේ,  දෙවරක් ලෝක ගෘහස්ථ මීටර් 60 ධාවන ශුරයා බවට පත්වූ සුරීන් ඩබල් වැනි දක්ෂයන් රැසක් වෙනුවෙන් ඔහු සිය මඟපෙන්වීම ලබාදී ඇත.

මෙම වැඩපිළිවෙළ ගැන දැනුවත් කිරීමේ අවස්ථාවට ජාතික ඔලිමිපික් කමිටුවේ ලේකම් මැක්සාස්වෙල් ද සිල්වා, එහි උපසභාපති අසංග සෙනවිරත්න හා සුසන්තිකා ජයසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සංජීව ධර්මසේන / ඡායාරූප- ඉසුරු පෙරේරා