කිසිදු රාජ්‍ය දේපළක් නොවිකුණුන බව සිය මුඛය‍ෙන්ම ප්‍රකාශ කරන බව ස්ථිරසාර ලෙසට කීමට සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍යව තිබූ බවත්, ඒ හේතුවෙන් 'ශ්‍රී මුඛයෙන්ම' එය කියන බව කී බවත් එය නියම
නායකයකු සතු ගුණාංගයක් බවත්
ඩිජිටල් විඳුලි සංදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පෙරේදා (6) පැවැසීය.
 එහෙත් එය ප්‍රකාශ කළ ආකාරය නොගැළපෙන බව ද එය අල්ලාගෙන ඇතැම් මාධ්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව විශාල මඩ ප්‍රචාරයක් ගෙනයන බව ද  එජාප ජනාධිපතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ඇමතිවරයා කීවේය.
ජනාධිපති ආපේක්ෂක ගෝඨාභය පරාදකරලීම එජාප ජනපති අපේක්ෂකයාට ලේසියෙන් කළ හැකි දෙයක්. ඒ නිසාම අපට ඕනා ගෝඨාභයමයි..කිසිදු මාධ්‍යයක් ඉදිරියට නොඑන අඩුම වශයෙන් පසුගිය දා සිවිල් සංවිධානයක් සංවිධානය කළ ජනාධිපති  අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවීමේ අවස්ථාව පවා මගහැර ගිය ගෝඨාභය බිය ගුල්ලෙකු බවට ද මා හඳුන්වා ද‍ෙනවා.කොළයක් බලාගෙන මිස යමක් ප්‍රකාශ කිරීමට දැනුමක්
නොමැති ගෝඨාභය සමග එජාප අපේක්ෂකයා මුහුණට මුහුණ සංවාදයකට ආරාධනා කරනවා.