ජනාධිපතිවරණ කාලසීමාව තුළ දී වත්මන් ආණ්ඩුවට හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධීපතිධූර අසංක සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව දිනපතා අසත්‍යය  ප්‍රවෘත්ති නිර්මාණය කිරීම හා රට පුරා පතුරුවා හැරීමට
අසත්‍ය ප්‍රවත්ති ෆැක්ටරියක් පවත්වාගෙන යන බවට අනාවරණය වී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කලේය.
මෙම අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීම පිටුපස පාර්ලිමේන්තු  මන්ත්‍රී නාමල් රාජපක්ෂ  මහතාගේ මාධ්‍ය සමිබන්ධීකාරවරයෙකු හා පෞද්ගලික රූපවාහිනී ආයතනයක
හිමිකරුවකු සිටින බවද සමරවීර මහතා ඊයේ (14දා) පැවසීය.  එම ජනතාව නොමග යැවීම සදහා සිදුකරන් යන බවට පහත් වැඩපිළිවෙළට විරුද්ධව  අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.රටේ උද්ධමනය.

 ජීවනවියදම, භාණ්ඩ හා සේවා මිල, රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම් ඇතුළු සමස්ත ආර්ථිකයේ සත්‍ය තොරතුරු චසන් කරමින් ව්‍යාජ සංඛ්‍යා දත්ත ඇතුළත් රූපවාහිනී හා විද්‍යුත් මාධ්‍යය වෙළඳ දැන්වීම් ගණනාවක් මෙම කණ්ඩායම නිර්මාණය කර තිබෙන බවද හෙතමෙ පැවසීය.

මීට අමතරව මොවූන් විසින් සමාජ මාධ්‍ය හසුරුවන තරුණයන්ට මුදල් ලබාදී සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව මඩ ප්‍රචාර ග‍ෙන යන ලෙසට දැනුම් දී තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධාන මෙහ‍ෙයුම් කාර්යාලයක් පැවැති මාධ්‍ය හමුවකදී මංගල සමරවීර මහතා මේ බව පවසා සිටියේය. මෙම මාධ්‍යය හමුවට එක්වූ ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, රජය දිස්ත්‍රික්ක 08ක ක්‍රියාත්මක කරන අඩු මිලට සහල් ලබාදීම‍ෙ, ශක්ති සහල් වැඩසටහන කඩාකප්පල් කිරිමට විපක්‍ෂයේ පිරිසක් කටයුතු කරමින් සිටින බවයි.එම විරුද්ධවාදීන් අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොද‍ෙන බවත්,ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පසු සියලු දිස්ත්‍රික්කවල ශක්ති සහල් වැඩසටහන්නෙ ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා පැවසීය.  ඇතැම් භාණ්ඩවල වෙළඳ පොළ මිල ඉහළ ගියද මූර්ත අගය පහළ ගොස් තිබෙන බවත්, ඒ  මිල ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වූ බවත් හෙත‍ෙම සඳහන් කර සිටියේය.