අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ගිය එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත්  කළේය.
ඒ අනුව
හංසයා ලාංඡනයෙන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේය.ඊයේ පැවති පක්ෂ සම්මේලනයෙන් පසු සජිත්ගේ නම එම සන්ධානය තුළ ස්ථාවර විය.
ඒ අනුව මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂ හා කන්ඩායම් වලින් ගෝඨාභය,අනුර කුමාර හා සජිත් තරගවදින බවට නම් ලබාදී අවසන්ය. ශ්‍රීලනිප තීරණය අනුව ඉදිරි දින 2 තුළ ඇප මුදල් තැන්පත්වීම හෝ නොවීම සිදුවන බව දන්වා ඇත.
නාම යෝජනා පත්‍ර අත්සන් කිරීම ලබන සඳුදා 7 සිදුවේ.