මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු ජනාධිපතිධුර අපේක්ෂීකයින් සියලු දෙනා එක වේදිකාවකට කැඳවන සංවාද මණ්ඩපය හෙට(05) පස්වරු 3.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .

මාර්තු 12 ව්‍යාපාරය මෙම වැඩසටහන සංවිධානය කරන අතර සැසි දෙකක් ලෙස පැවැත්ව‍ෙන වැඩසටහනේ පළමු සංවාද  මණ්ඩපය හෙට පැවැත්වේ...
හ‍ෙට ඡාතික ජන බලවේගයේ අනුර දිසානායක, එක්සන් ජාතික පෙරමුණේ සජින් ප්‍රේමදාස යන මහත්වරුන් ඊට එක්වීමට එකගත්වය පළකර ඇති අතර
හිටපු හමුදාපති මහේෂ් සේනානායක, ආචාර්ය අජින්තා පෙරේරා, සිරිතුංග ජයසුරිය. ආරියවංශ දිසානායක. රොහාන් පල්ලේවත්ත යන මහත්ම මහත්මින්ටද ඒ සඳහා ආරාධනා කරන බවද මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කාර මණ්ඩපයට  මංජුල ගජනායක මහතා  පැවැසීය.ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද මේ සංවාද මණ්ඩපයට එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවඳ ඔහු පැවසීය.
හෙට පැවැත්වෙන සැසියේදි තෝරාගත් අපේක්ෂකයින් කිහිප දෙන‍ෙකුට තමන්ගේ  ප්‍රතිපත්ති පිළිබදට ඡනතාවට කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන බවද ඔහු පැවසීය.
 (මූදිතා දයානන්ද)