පාර්ලිමේන්තුවේ ප්‍රධාන මුළුතැන්ගෙයි ජලය උණු කරන බොයිලේරුවේ විදුලි රැහැන් මීයන් කා දැමීමෙන් ඉකුත් සිකුරාදා (11දා) දහවල් ගිනි ගැනීමක් ඇති වූ බව පාර්ලිමේන්තු කොට්ඨාස පොලිසිය කියයි. මෙම
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ
පළමු මහලේ මුළුතැන්ගෙයි පිහිටා ඇති අතර බොයිලේරුවට විදුලීය සපයන විදුලි පුවරුවලට සම්බන්ධ රැහැන්වලින් එදින දහවල් මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි. ගින්න ඇති වූ වහාම පාර්ලිමේන්තු විදුලි බල මණ්ඩලය හා පාර්ලිමේන්තු සම්බන්ධීකරණ දෙපාර්තමේන්තූවේ විදුලි කාර්මිකයන් වහා ක්‍රියාත්මක වී විදුලීය විසන්ධි කර ගින්න ක්ෂණිකව වළක්වාලීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියක් පැවැසීය.
ගින්න හේතුවෙන් යඋණු කරන බොයිලේරුව අක්‍රිය වී ඇතැයිද පොලිසිය කියයි. මෙම ගින්න ඇති වී ඇත්තේ බොයිලේරුවට සම්බන්ධ රැහැන් මීයන් කා දැමීමෙන් එකිනෙක සම්බන්ධ වීමෙන් බවට වැඩිදුරටත් හෙළි වී ඇත.

කොළඹ - එම්.සී. පෙරේරා