කතරගම මයිලගම ප්‍රදේශයේ බත් කඩයකට දුරකථනයෙන් කථා කළ පුද්ගලයකු කෑම 400 ක ඇනවුමක් භාරදීමට ඔන් ලයින් බැංකු ගිණුමක
තොරතුරු ලබාගෙන එම ගිණුමේ තිබූ රුපියල් එක් ලක්ෂ හය දහසක මුදලක් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් එම බත්කඩ හිමියා විසින් කතරගම පොලිසියේ සටහන්කර ඇත.

මෙම පැමිණිල්ල සිදුකොට ඇත්තේ කතරගම සෙල්ල කතරගම මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ බත් කඩයක හිමිකරුය. රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ළමයින් 200 දෙනකු කතරගම සංචාරයකට පැමිණෙන බවත්, ලබන සෙනසුරාදා දහවල් ආහාර 200 ක්ද, රාත්‍රියට ආහාර 200 ක්ද අවශ්‍ය බවත්, මුදල් එවීම සඳහා ඔන් ලයින් ගිණුමක අංකයක්

අවශ්‍ය බවත් පවසමින් ඉකුත් 08දා පස්වරු 5.30 ට දුරකථන ඇමතුමක් ලබාදී ඇත.

මෙම ඇණවුමට මුදල් ගෙන්වා ගැනීම සඳහා යෝජනාගාර හිමියන්ගේ බිරිය (09දා) පෙරවරුවේ කතරගම මහජන බැංකුව වෙත පැමිණ තමාගේ නමින් ඇති ගිණුමක් ඔන්ලයින් ගිණුමක් බවට පත්කරගෙන ඇත. මෙම ගිණුම් අංක දුරකථන මගින් අදාළ ඇණවුම්කරුට ලබා ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

ගිණුමේ රහස්‍ය අංකයද ව්‍යාපාරිකයාගේ පුතුගෙන් උපක්‍රමශීලී අයුරින් ලබාගෙන ඇති ඇනවුම්කරු ගිණුම් අංකය ලබාදුන් අවස්ථාවේම අදාළ ගිණුමෙන් රුපියල් එක්ලක්ෂ හය දහසක මුදලක් ලබාගෙන ඇති බවට ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට මැසේජ් එකක් ලැබිමත් සමග බැංකුව වෙත ගොස් සොයාබැලීමේදී හමුවී ඇතැයි කියයි.

අදාළ බැංකුව වහා ක්‍රියාත්මකව ගිණුම සෝදිසි කිරිමේදී එම මුදල්  තලවකැලේ බැංකු ශාඛාවේ ගිණුමකට බැරවී ඇති බවත්, එම අවස්ථාවේම රුපියල් 80,000 මුදලක් රැගෙන ඇති බවටත්, බැංකු මැදිහත්වීම නිසා රුපියල් 26000 ක් රඳවා ගැනීමට හැකිවී ඇත. ව්‍යාපාරිකයාගේ පැමිණිල්ල මත කතරගම පොලීසිය හා මහජන බැංකුව වෙන වෙනම් පරික්ෂණ පවත්වයි.

-එම්.කේ.නන්දසේන-